22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන ආයතනය ගොවීන් හට දන්වා සිටී.

මීයන් තුළ සිටින බැක්ටීරියාවක් මූත‍්‍රා සමඟ එක්වී ශරීරගතවීම හේතුවෙන් මී උණ වැලදීම සිදු වේ.

පසුගිය කන්න පහක පමණ සිට මෙම රෝගී තත්වය වැඩි වශයෙන් වාර්ථා විය.

එම ආයතනය ප‍්‍රකාශ කර සිටින්නේ වෙල් මීයන් හේතුවෙන් මී උණ පැතිරීමේ අවධානමක් පවතින බැවින් මෙම උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසයි.

ඒ අනුව මූලික බිම් සකස් කිරීමේදී මීයන්ට රැුදි සිටිමට නොහැකි වන ලෙස නියර බැද හොදින් වල්පැල උදලූ ගා හැකි තරම් පළල අඩුවෙන් නියර පැදීම සිදුකල යුතුය.

කුඹුර අවට පරිසරයේත් හැකි පමණ ලදු කැලෑ කපා පිරිසිදුව තබා ගැනීම සිදුකල යුතුයි.

විලෝපික පක්ෂීන් හට රැදී සිටීමට පොල්පිති වැනි දෑ කුඹුරේ සිටුවීමද සුදුසු වේ.

එමෙන්ම කුඹුරට බැසීමට පෙර පාද ආවරණ පැලදීම සිදුකල යුතු අතර එමගින් බැක්ටීරියාව ශරීර ගතවීම වලක්වා ගත හැකිය.

බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන ආයතනය වැඩිදුරටත් දන්වා සිටියේ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හමුවී මෙම රෝගී තත්වය වලක්වා ගැනීමට උපදෙස් ලබා ගැනීම සුදුසු වන බවයි.

වෙල් මීයන් පාලනය පිළිබඳ වැඩිදුර තොරතුරු 037 22 58 561 දුරකතන අංකයෙන් බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන ආයතනය ඇමතීමෙන් ලබා ගත හැකිය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here