මී පැණි බිදුවක නොදුටු අරුමය නමින් මී මැසි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කොට තිබේ.
හෙට දින පෙ.ව. 9.30 සිට ගලිගමුව නගරයේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන බව කෑගල්ල පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම උපදේශක තිස්ස බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අතිරේක පළාත් අධ්‍යක්ෂවරිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හා කෑගල්ල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කොට්ඨාශයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවේ.
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ මී මැසි සංවර්ධන ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.එම්.ඩී. අතපත්තු මහත්මිය විසින් මේ සදහා සම්පත්දායකත්වය ලබා දෙනු ලබයි.
මී පැණි වල තිබෙන වටිනාකම, මී මැසි ජනපද ඇති කිරීම පිළිබදව මෙන්ම මී මැසි ප්‍රවර්ධනය සදහා අවශ්‍ය වන නව තාක්ෂණික කරුණු පිළිබදව මෙහිදි ගොවීන් දැනුවත් කිරීමට අපේක්ෂිතය.