කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බණ්ඩාරවෙල මී පැණි සංවර්ධන මධ්‍යස්ථානය විසින් මී මැසි ක්ෂේත්‍ර දිනයක් සංවිධාන කර කර තිබේ.
ලබන 22 වනදා එය එම ඒකක පරිශ්‍රයේදී පැවැත්වෙන බව මී පැණි සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ජී.ජී.ආර් විමුක්ති මහතා පැවසීය.
මෙහිදී මී මැසි ස්වභාවික ජනපදයක් ස්ථාපිත කිරීම, ජනපද පරීක්ෂාව හා නඩත්තුව, නව ජනපද සකසා ගැනීම, ජනපද බෝ කිරීම , පැණි නිස්සාරණය. රැජින බෝ කිරීම වැනි කරුණු පිළිබදව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුවත් කිරීම් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මී මැසි පාලනය පිළීබදව කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට වැඩසටහන සමග සම්බන්ධ විය හැකි බව විමුක්ති මහතා කියා සිටියේය.
මී පැණි පෙට්ටි නිර්මාණකරුවන්, පැණි අලෙවි කරන්නන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගි වෙතැයි අපේක්ෂා කරන බව ද සහකාර කෘෂිකර්ම අධ්යක්ෂවරයා සදහන් කළේය.
මේ අතර, බණ්ඩාරවෙල මී මැසි සංවර්ධන මධ්යස්ථනෙයේ අළුතින් ඉදිකළ දේශන ශාලාව ද මෙම ක්ෂේත්‍ර දිනයට සමගාමීව විවෘත කිරීමට නියමිතය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ව්‍යප්ති හා පුහුණු අංශයේ අධ්යක්ෂ අමල් අරුණප්‍රිය මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සදහා සහභාගීවීමට නියමිතය.