මී මැසි ජනපද තුළ පැතිර යමින් පවතින වෛරසයක් පිළිබදව මී මැසි ජනපද ගොවීන් අවධානයෙන් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිදුණුවැව බණ්ඩාරවෙල මීමැසි සංවර්ධන ඒකකය විසින් අවධාරණය කරයි.
එහි සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ජී ජී ආර් විමුක්ති මහතා සදචහන් කලේ මේ වන විට මී මැසි ජනපද ආශ්‍රිතව සැක්බෘරූඩ් (sacbrood) නමින් වෛරසයක් පැඤතිර යමින් පවතින බවයි.
මෙම වෛරසය හේතුවෙන් පිලව අවස්ථාවට පත්වීමට පෙර කීටයා මරණයට පත්වීම සිදුවන බව ඒ මහතා කියා සිටී.
එබැවින් ජනපද කිහිපයක් ඇති ගොවි මහතුන් මේ පිළිබදව අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.
මිය යාමෙන් පසු කීටයා උල් හැඩයකින් දර්ශනය වන බැවින් වෛරසය වැළදුන ජනපද හදුනාගත හැකි බව විමුක්ති මහතා කියා සිටී.
එළඹෙන දෙසැම්බර් මාසයේදී මහනුවර, ගාල්ල , මාතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල මී මැසි ජනපද බෝ කිරීම ආරම්භ වන බැවින් පිට පළාත්වලින් මී මැසි ජනපද රැගෙන විත් බෝ කිරීම සිදු නොකළ යුතු බව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂවරයා සදහන් කරයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 057-2222537 යන දුරකතනයෙන් ඔබට ලබා ගත හැකියි.