20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

මුලතිව් දිස්ත්‍රික්කයට රටකජු සැකසුම් මධ්‍යස්ථානයක්…

මුලතිව් දිස්ත්‍රික්කයේ රටකජු ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකරනු ලැබූ රටකජු සැකසුම් මධ්‍යස්ථානය ජනතා අයිතයට පත් කෙරිණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා ප්‍රතිපාදන ලබා දී තිබේ.

මෙම මධ්‍යස්ථානය බීජ සිටුවීමේ යන්ත්‍ර, වල් නෙලන යන්ත්‍ර, කරල් ඉවත් කරන යන්ත්‍ර, බර අනුව වර්ග කෙරෙන යන්ත්‍ර, පොතු ඉවත් කිරීමේ යන්ත්‍ර යන නවීනතම උපකරණවලින් සමන්විත වේ.

මෙම මධ්‍යස්ථානය හරහා එම ප්‍රදේශයේ රටකජු ගොවීන්ට පහසුවෙන් තම වගා කටයතු සිදු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති .

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here