මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.
මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමාගම් 30ක් පමණ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී තිබේ.
ඇතැමුන් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ මෙතෙක් විමර්ශන සිදුනොකිරීම පිළිබඳ අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ අදාළ නිලධාරීන් සමග පැවති හමුවකදීය.
එසේම කාබනික පොහොර නිෂ්පාදනයේදී සංඝටකයක් ලෙස භාවිතා කරනු ලබන පොස්පරස් සඳහා එප්පාවල පොස්පේට් භාවිත කළ හැකි බවත් ඒ පිළිබදව කාබනික පොහොර නිෂ්පාදකයන්ව දැනුවත් කරන ලෙසත් පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මේවන විට මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගබඩාවන් තුළ පවතින බව ද මෙහිදී අනාවරණ විණි.