මෙරට නිෂ්පාදනය කළ හැකි සියලු බීජ ආනයනය කිරීම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහන්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ කඩිනමින් ගැනීම සදහා බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවය.
මේ වන විට මෙරටට බෝග 37 කට අයත් බීජ ආනයනය කෙරේ.
එම බීජවලින් වැඩි කොටසක් මෙරට තුළම නිෂ්පාදනය කළ හැකි ඒවා බව අමාත්‍යවරයා පවසයි.
එම බීජ සදහා වාර්ෂිකව වැය වන මුදල බිලියන 04 කි. එම ආනයන වියදම් නතර කර ගැනීම සදහා මූලික පියවරක් ලෙස බීජ වර්ග 10 ක් මෙරටට ගෙන ඒම නතර කිරීමට අවහ්‍ය පියවර ගන්නා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම, ඉදිරි වසර හතර ඇතුළත මෙරටට ආනයනය කරන සියලුම බීජ අදියර කිහිපයකින් නතර කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.