21.7 C
Sri Lanka
Thursday, May 6, 2021

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය.

පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙ බව සදහන් කළේය.

රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කෘෂිකර්මයට සුවිශේෂී තැනක් දී තිබේ.

ඒ අනුව තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කිරීම අනිවාර්ය වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේය.

මෙරට තුළ  කෘෂිකර්මයේ තාක්ෂණය හා පර්යේෂණ ඉහළ මට්ටමක පැවතිය ද  ගොවියා වසර 100ක් පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ නිරත වන බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ ආකාරයට ගොවියා සවිබල ගැන්වීමට නම්  කෘෂිකර්ම උපදේශක, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් එකට එකතු වී ක්‍රියා කළ යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

ඒ සදහා  මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව, අනෙකුත් ආයතන සියල්ලඑකට එකතුවෙලා වැඩ කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර අවසන් කර ඇති බව ද ඒ මහතා සදහන් කළේය.

මේ අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීර‍කෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here