28.5 C
Sri Lanka
Friday, April 23, 2021

මෙරට බිම්මල් පවුලට අලුත් සාමාජිකයෙක් එක් වෙයි.

මාකදුර ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් ඖෂධීය ගුණ රැසකින් යුත් නවතම ඖෂධීය බිම්මලක් හදුන්වා දී තිබේ.

ඖෂධීය බිම්මලක් මෙරටට හදුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

ගැනඩෝමා යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම ඖෂධීය බිම්මල සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

මෙය ගොවීන් වෙත හදුන්වා දීම ලබන මාසයේදී ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිම්මල් බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පී.රාජපක්ෂ මහතා සදහන් කළේය.

මෙම ඖෂධීය බිම්මල ආහාරයට ගත නොහැකි අතර, මෙම බිම්මල යොදා ගෙන ඖෂඨිය තේ, පාන වාර්ග මෙන්ම බාහිර ආලේපනයන් ද සැකසිය හැකි බව  ඒ මහතා පෙන්වා දෙයි.

ගැනඩෝමා බිම්මලේ පිලිකා කාරක නැසිය හැකි ගුණයන් වන අතර, අධි රුධිර පීඩනය, සීනි,කොරෙස්ටරොල් යන රෝග තත්ත්වයන් මර්දනය කිරීමේ හැකියාව ද පවතී.

එමෙන්ම සම රැළි වැටීම වළකන ඔසු ගුණයෙන් ද මෙම බිම්මල සමන්විත වන බව පී.රාජපක්ෂ මහතා පැවසීය.

ආදායම් මාර්ගයක් ලෙස මෙම බිම්මල වගා කිරීම සදහා මේ වන විටත් ගොවීන් රැසකගෙන් ඉල්ලීම් ලැබී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

 

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here