28.5 C
Sri Lanka
Friday, April 23, 2021

මෙරට බී ලූණු අවශ්‍යතාවය මෙරට තුළම නිෂ්පාදනය කිරීමට රජයෙන් සැලසුම්..

මෙරට බී ලූණු අවශ්‍යතාවය මෙරට තුළම නිෂ්පාදනය කිරීම අරමුණු කර ගිනිමින් මෙම වසර තුළ බී ලුනූ හෙක්ටයාර් 5000ක් වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

ඒ සඳහා වූ බීජ ලූනු අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 25,000. කි.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස ගොවිජන බල ප්‍රදේශයේ දිගම්පතන ප්‍රදේශයේ, විශේෂ බිජ ලූනු ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට කටයුතු කර තිබේ.

තෝරාගත් පවුල් 50ක් වෙනුවෙන් අංගසම්පූර්ණ නවීන තාක්ෂණයෙන් සමන්විත ගබඩාව බැගින් මෙම ගොවි ජනතාවට ලබා දෙන බව අමාත්‍යංශය පවසයි.

එක් පවුලක් වෙනුවෙන් රු ලක්ෂ 25ක ආධාර හා උපකරණ ද වගාව සඳහා අවශ්‍ය ටනල්. විසිරුම් ජල පද්ධති ආදිය ද  රජය මඟින් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here