21.7 C
Sri Lanka
Thursday, May 6, 2021

මෙරට රජකජු ගොවීන්ට රජයෙන් ප්‍රතිලාභ රැසක්….

 මෙරට රටකජු වගාව ඉහළ නැංවීම සදහා රජය විසින් ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ඒ අනුව 2023 වසර වන විට මෙරට රටකජු වගාවේ ඵලදායිතාවය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 1.63 ක් දක්වා ඉහළ නංවීම රජයේ අරමුණය.

එමගින් රටකජු මෙට්‍රික් ටොන් 32600 ක් නිෂ්පාදනය කර ගැනීම ඉලක්කය වේ.

එමෙන්ම, ගුණාත්මක බීජ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 150 සිට 350 දක්වා ඉහළ නංවමින් දේශිය  බීජ අවශ්‍යතාවයෙන් සියයට 50 ක් සපුරා ගැනීමට අපේකෂා කෙරේ.

ඒ සදහා රටකජු ගොවීන්ට ප්‍රතිලාභ රැසක් ලබා දීමට ද නියමිතය.

බීජ නිෂ්පදනය සදහා ගොවීන්ට අවශ්‍ය යෙදවුම් පහසුකම් ලබාදීම, අභිජනන බීජ නිෂ්පාදනය සදහා අවශ්‍ය වන වියළන යන්ත්‍ර ලබාදීම, බීජ නිස්පාදනය, සැකසීම, ගබඩාකරණය, අලෙවිය ඇතුළු කාර්යයන් සදහා පහසුකම් සහිත බීජ නිස්පාදන සමිතියක් ස්ථාපනය කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, ත්‍රිත්ව ස්ථර පොලිසැක් මළු නොමිලේ ලබාදීම, බිම් සැකසුම සදහා දියර ඉසිනයක් හෝ සීඩරයක්, බහුකාරිය යන්ත්‍රයක්, වියලන යන්ත්‍රයක් ලබාදීම සිදු කෙරෙනු ඇති.

දේශගුණික සුහුරු පිළිවෙත් පිළිබද ගොවින් පු8හුණු කිරීම, ගුණාත්මක බීජ ලබාදීම, ටාපොලින් ලබාදීම, ක්ෂුද්‍ර ජල සම්පාදනය ලබාදීම සදු කිරීමට ද රජය සැලසුම් කර තිබේ.

මෙම පහසුකම් ලබා දෙමින් කෘෂි ලිං අලුත්වැඩියා කර අතරමැදි කන්නය හදුන්වාදීම, පොල් වගාවේ අතුරු බෝගයක් ලෙස ජමබෝ රටකජු ප්‍රබෙධය වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව ද රජය කියා සිටී.

මේ පිළිබද වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකගෙගන් ලබා ගත හැකි වේ.

අම්පාර අන්තර් පළාත් , කුරුණෑගල, කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව, මන්නාරම, මොණරාගල, හම්බන්තොට, මහවැලි, උඩවලව, කිලිනොච්චිය, බදුල්ල , පුත්තලම අනුරාධපුර, ත්‍රිකුණාමලය, අගුණකොලපැලැස්ස යන ප්‍රදේශව෸ල ව්‍යාපෘතිය ක්‍රියාතක කිරීමට නියමිතය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here