ශ්රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්රික්කයේ බිබිල ප්රදේශය මුල් කර ගනිමින් පසුගිය දා ආරම්භ කෙරිණි.
ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets”නමැති පැණි දොඩම් විශේෂය වගා කිරීමට නියමිතය.
මෙම වගා කලාපයේ පැණි දොඩම් පැළ 85,000ක් වගා කිරීමට අපේක්ෂිතය.
බිබිල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 500ක්, මැදගම අක්කර 200ක්, මඩුල්ල අක්කර 500ක්, සියඹලාණ්ඩුව අක්කර 500ක් හා මොනරාගල අක්කර 500ක් මේ සදහා තෝරා ගෙන තිබේ.
පළමු වසර තුළ අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 15කි.
අක්කරයක පැණි දොඩම් පැළ 200ක් වගා කෙරෙන අතර සමස්ත අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන දැනටමත් ඉදිරිපත් වී ඇති බව ද කෘෂිකර්ම අමාත්යංශය සදහන් කරයි.
—