මෙරට සියලුම බීජ පරීක්ෂණ කටයුතුවල නිරත කාර්ය මණ්ඩලය ලබන 17 වනදා පේරාදෙනිය මධ්‍යම බීජ පර්යේෂණාගාරයට කැදවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්. ඒ.එම්.ආර් අබේකෝන් මහතා පැවසීය.
ඒ මහතා සදහන් කළේ ලබන 17 වනදා සිට 21 වනදා දක්වා මෙම නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කර ඇති වැඩමුළුවක් සදහා මෙලෙස කැදවීම් කර ඇති බවය.
ඒ අනුව පේරාදෙණිය, මහඉලුප්පල්ලම, අලුත්තරම, බටඅත යන බීජ පර්යේෂණාගාරවල සේවයේ නිරත කාර්ය මණ්ඩලයේ 70 ක පමණ පිරිසක් මෙම වැඩමුළුව සදහා සහභාගී වීමට නියමිත වේ.
ලංකාවේ සියලුම බීජ පරීක්ෂණ කටයුතුවල ඒකාකාරීත්වයක් ඇති කිරීම මෙම වැඩමුළුවේ අරමුණ බව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්. ඒ.එම්.ආර් අබේකෝන් මහතා සදහන් කළේය.
එමෙන්ම, ඔවුන්ගේ දැනුම වැඩි කිරීම, අලුත් කිරීම මෙන්ම නව ක්‍රමවේද හදුන්වා දීම සහ ජාත්‍යන්තර බීජ පර්යේෂණ ක්‍රමවේදයට අනුව කටයුතු කිරීමට ඇති හැකියාව වැඩි කිරීම ද මෙම වැඩමුළුවේදී අරමුණු කෙරේ.