29.8 C
Sri Lanka
Sunday, June 20, 2021

මේ වසරේ මිරිස් බීජ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදිත මිරිස් ප්‍රභේදයන් භාවිතයට පියවර…

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදිත දෙමුහුම් මිරිස් බීජ භාවිතයෙන් මිරිස් බීජ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්කමක කෙරේ.

ඒ අනුව මෙරටට අවශ්‍ය වන වියළි මිරිස් අවශ්‍යතාවයෙන් 35%  ක් මෙරට තුළම නිෂ්පාදනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

මේ වන විට වියළි මිරිස් නිෂ්පාදනය සඳහා ලබා ගන්නා විවෘත පරාගික ප්‍රභේදයන්ගේ ඵලදායීතාවය අඩු මට්ටමක පවතින හෙයින් මෙම පියවර ගෙන ඇත.

මෙමගින් අපේක්ෂිත අස්වැන්න හෙක්ටායාරයකට මෙට්‍රික් ටොන් 25කි.    

මේ පිළිබඳ අදහස් දැක්වූ මිරිස් බෝග නායක සමන්ත තුසිත කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ හෙක්ටයාර 4000ක් පමණ මෙවර වගා කිරීමට අපේක්ෂා කෙරන බවයි.

දෙමුහුම් මිරිස් බීජ 1 Kg ක් සඳහා රුපියල් 35000ක සහනාධාරයක් ගොවීන්ට ලබා දෙනු ලැබේ.

විසිරුම් ජල සම්පාදන පද්ධතියක් හා මෝටරයක් 50% ගොවි දායකත්වය යටතේ ලබා දීමට නියමිතය.

අමු මිරිස් නිෂ්පාදනය මේ අයුරින් වැඩිදියුණු කර අතිරික්ත නිෂ්පාදනයෙන් වියළි මිරිස් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.

මීට අමතරව ගොවි කණ්ඩායම් සඳහා මිරිස් වියළිමේ යන්ත්‍රයක් සහ ගොවි කණ්ඩායම් නොවන පිරිස් සඳහා කමත් අතුරනු නොමිලේ ලබා දෙනු ලැබේ.

සබරගමු හා බස්නාහිර පළාත් හැර සෙසු සියලු පළාත් වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කෘෂිකර්ම උපදේශකවරුන්, පළාත් සභා හා මහවැලි  ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ගොවීන්ට මෙම සහනාධාර ලබා ගැනිමේ හැකියාව පවතින බව මිරිස් බෝග නායක සමන්ත තුසිත කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here