මොණරාගල දිස්ත්‍රික්කය තුළ එළවළු, පළතුරු හා ඌන භාවිත පළතුරු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවේ.
එම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය හරහා මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ.
මේ යටතේ එළවළු වගාවේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීම සදහා මෙන්ම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හෙවත් ගැප් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් කර ඇති බව එම කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්.එම්.එස් උදයංගනී මහත්මිය පැවසුවාය.
ඒ සදහා දඹල, තිබ්බටු යන එළවළු වර්ග ආදර්ශන ලෙස වගා කෙරෙන බව ඒ මහත්මිය සදහන් කළාය.
එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය තුළ එළවළු ගම්මාන පිහිටුවීමේ වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
මේ සදහා එළවළු බීජ, එළවළු පැළ හා වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය ගොවීන්ට ලබා දීම සිදු කෙරේ.
එමෙන්ම, පළතුරු නිෂ්පාදනයේ ඵලදායීතාව ඉහළ නැංවීම සදහා වාණිජ පළතුරු වගාව ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කෙරේ.
ෙගවතු මට්ටමින් පළතුරු වගා කිරීමට කටයුතු කිරීම මෙන්ම ඒ සදහා ගොවීන්ට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය සහ දිරි දීමනා ලබා දෙන බව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්.එම්.එස් උදයංගනී මහත්මිය පැවසුවාය.
මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඌන භාවිත පළතුරු වගාව ප්‍රවර්ධනයට ද පියවර ගෙන තිබේ.
ඒ සදහා රුපියල් මිලියන 1.4 ක වියදමින් පළතුරු පැළ ලබා දීම සහ ජල සම්පාදන පහසුකම් සපයා දෙන බව එස්.එම්.එස් උදයංගනී මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.