මොණරාගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න ඉහළ දැමීම සදහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙන බව මොණරාගල අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඒ අනුව විශේෂ යාය වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
ව්‍යාපෘතිය යටතේ ලියදි පුළුල් කිරීම, කාබනික පොහොර භාවිතය පිළිබද දැනුවත් කිරීම, ඒකාබද්ධ පළිබෝධ පාලනය, පැරෂුට් තවන් ක්‍රමයෙන් පැළ සිටුවීම වැනි ක්‍රියාකාරකම් සිදු කෙරේ.
අක්කර 10 බැගින් ආදර්ශන 02 ක් කෙළුල්ල කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ හදපානගල ව්‍යාපාරයේ ඩී 1 ඇල කොටසේ සහ ඇමලේ කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ ඇතිමලේ ව්‍යාපාරය තුළ ද මේ වන විට ක්‍රියාත්මක කෙරේ.
අක්කරය බැගින් හිමි ගොවි මහතුන් 10 දෙනෙකු එක් ආදර්ශනයක් සදහා සහභාගී වේ.
මෙම ව්යාපෘතිසය හරහා ගොවීන්ගේ වී වගාව සදහා යන වියදම අඩු කිරීම, කාලය ඉතිරි කිරීම සහ වැඩි අස්වැන්නක් ලබා ගැනීම අරමුණයි.
ව්‍යාපෘතිය සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා බීජ මොණරාගල අන්තර් පළාත් කාර්යාලයෙන් ලබා දෙන බව එහි සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එච්.යූ.රණසිංහ මහතා සදහන් කළේය.