මෙවර යල කන්නය තුළ සේනා දළඹු හානියෙන් තොර බඩ ඉරිගු වගාවක් සදහා නිර්දේශිත ක්රමවේද අනුගමනය කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව මැයි මස පළමුවනදා සිට පහලොස්වනදා අතර කාලය තුළ බඩ ඉරිගු බීජ සිටුවිය යුතු බව දෙපාර්තමේන්තුව කියා සිටී.
පහලොස්වනදායින් පසුව කඩින් කඩ බීජ වගා කළ හොත් එය සේනා දළඹුවාගේ පැතිරීමට ඉඩ සලසන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.