2019 යල කන්නයේ ප්‍රථමයෙන් නෙලාගත් අස්වැන්න දළදා සමිදුන්ට පූජා කිරීමේ සිරි දළදා යල් අස්වනු ජූජාව මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රෙය්දී අද සහ හෙට සිදු කෙරේ.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා පසුව අලුත් සහල් ධාන්‍ය සහ රන් කරල් රැගත් පෙරහැරෙන් පැමිණ දළදා සමිදුන් ඉදිරියේ දී සෙත් පිරිත් සඡ්ජායනය මැද අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එ් අනුව 2019 වසරේ යල මහේදී නෙලා ගත් වී අස්වැන්න දිවයිනේ නන් දෙසින් පැමිණෙන ගොවි මහතුන් 1500 කගේ සහභාගීත්වයෙන් මෙලෙස හෙට දින දළදා සමිදුන්ට ජූජා කිරීමට නියමිතය.
ලබන කන්නයේ අස්වැන්න සරු කර ගැනීමට දළදා සමිදුන්ගේ ආශිර්වාදය පැතීම මෙහි අරමුණ වේ.
යල අස්වනු පූජාව සිව්වන වරටත් පවත්වන අතර ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ එක්ව අස්වනු මංගල්‍යය සංවිධානය කරයි.
මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් ප්රමුඛ මහා සංඝ රත්නය ද , අනෙකුත් අන්‍යාගමික නායකයන් ද මේ අවස්ථාව සදහා සහභාගී වීමට නියමිතය.