20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

යාපනයේ අර්තාපල් ගොවියා රැකගැනීමට කෘෂි ඇමතිගෙන් සැලසුම්

යාපනයේ අර්තාපල් ගොවියා රැකගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සදහන් කළේ පසුගියදා යාපනය ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

මේ වන විට යාපනය දිස්ත්‍රික්කය තුළ අර්තාපල් වගාව සරුසාර ලෙස සිදු වේ.

එහෙත් අතරමැදියන් හේතුවෙන් එම ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙන බව නිරීක්ෂණය වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සදහා යාපනය ආර්ථික මධ්‍යස්ථානය හරහා පියවර ගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here