යාපනය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විසින් සංවිධාන කරන කෘෂිකර්ම ප්‍රදර්ශනය හෙට දිනයේදී ආරම්භ වේ.
එය ලබන 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ එස්.සිවකුමාර් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතය.
යාපනය තිරුනෙල්වේලි,පලාලි පාරේ පිහිටි දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය පැවත්වේ.
ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ දේශගුණික විපර්යාසයන් ජයගනිමින් විෂ රහිත ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම යන්න තේමාව කර ගනිමිනි.
එළවළු හා පළතුරු විෂ රහිතව නිෂ්පාදනය කිරීමේ වැදගත්කම හා නිෂ්පාදනය කරන ආකාරය මෙන්ම ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ද මෙම ප්‍රදර්ශන භූමියේදී දැන ගත හැකි වනු ඇති.