22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

රජයේ වී මිලදි ගැනිමේ ජාතික ක්‍රියාන්විතය 8 ඇරඹේ..

මේ වසරේ  මාර්තු 08 සිට ලබන  අප්‍රේල් 07 දක්වා වී මිලදි ගැනිමේ ජාතික ක්‍රියාන්විතයක්

ආරම්භ කරන බව රජය පවසයි.

කෝටි දෙකකට අධික ජනතාවට සාධාරණ මිලට සහල් ලබාගැනිමට අවහ්‍ය කටයුතු සිදු කිරීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව රජය කියා සිටී.

එමෙන්ම, රටේ ජනතාවට බත සපයා දීමට සිය දහඩිය වගුරවන ගොවියාට  සාධාරණයක් ඉටු කිරීම වැඩපිළිවෙලේ අරමුණක්.

අනුරාධපුර, පොළොන්නරුව ,අමිපාර,කුරුණෑගල , හමිබන්තොට ,සහ මඩකලපුව යන දිස්ත්‍රික් 6 මුල්කරගනිමින් මෙම ක්‍රියාන්විතය දියත් වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව .දිනකට වී මේට්‍රික් ටොන් 6000ක් මිලට ගැනිම සිදු කිරීමට නියමිතය.

මාසයක් තුල වී මේට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මිලදි ගැනිමට මෙම ජාතික ක්‍රියාන්විතය හරහා හැකියාව ලැබෙනු ඇති බවටයි රජය විශ්වාසය පළ කරන්නේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here