25.7 C
Sri Lanka
Thursday, January 21, 2021

රටට අවශ්‍ය සෝයා මෙරටදීම නිපදවීමේ ව්‍යාපෘතිය අම්පාරෙන් ඇරඹේ

මෙරටට අවශ්‍ය සෝයා අවශ්‍යතාව මෙරටදීම නිපදවීම අරමුණු කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කය තුළ සෝයා වගා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

අම්පාර පානම, ලාහුගල, මහඔය හා පදියතලාව යන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාවට නැංවෙන බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී දිසානායක මහතා පැවසීය.

මේ වසරේදී හෙක්ටයාර 180 ක සෝයා වගා කිරීම ඉලක්කය වුවද එය‍ හෙක්ටයාර 200 දක්වා ඉහළ නැංවීම අරමුණ බව ඒ මහතා සදහන් කළේය.

මේ වන විට හෙක්ටයාර 160 ක සෝයා වගාව සිදු කර තිබේ.

සෝයා වගාව නිවැරදිව සිදු කරන ආකාරය පිළිබදව ගොවීන් හට පුහුණු වැඩමුළු පවත්වා දැනුවත් කර ඇත.

එම උපදෙස් අනුව ගොවීන් විසින් සෝයා බීජ සිටුවීම සිදු කරමින් පවතින බව අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සෝයා බීජ කිලෝ ග්රෑම් 4000 ක් පමණ නොමිලේ ලබා දී තිබේ.

අවම ජල මට්ටමකන් සිදු කළ හැකි මෙම වගාව සදහා මේ වන විට දිස්ත්‍රික්කයේ ගොවීන් 400 ක් පමණ සහභාගී වී සිටින බව ද ඩී.එම්.එස්.බී දිසානායක මහතා කෘෂි එෆ් එම් වෙත සදචහන් කර සිටියේය

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here