16.8 C
Sri Lanka
Tuesday, January 26, 2021

රටට ආවේනික පළතුරු රැකගනිමින් ජනතාව අතරට ගෙන යාමට විශේෂ වැඩපිළිවෙලක්

මෙරටට ආවේනික පළතුරු රැකගනිමින් ඒවා ජනතාව අතර වඩා ප්‍රචලිත කිරීම සදහා වැඩපිලිවෙලක් සකස් කර ඇති බව හොරණ පළතුරු පර්යේෂණ හා  සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය  පී.ඩබ්.අලහකෝන් මහත්මිය පවසයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ‍රොහාන් විජේකෝන් මහතාගේ උපදෙස් ‍මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව කෘෂි එෆ් එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඇය සදහන් කළාය.

මේ වන විට ශ්‍රී ලංකාවට ආවේණික පළතුරු ප්‍රබේද 200 ක් පමණ හදුනාගෙන ‍තිබේ.

එමෙන්ම විවිධ කාළගුණික මට්ටම් ඇති කලාප 46 ක මෙම පළතුරු හදුනාගෙන ඇති බව අධ්‍යක්ෂතුමිය කියා සිටියාය.

මෙම වැඩසටහන යටතේ මේ වන විට හොරණ ප්‍රදේශයේ  අක්කර 300 ක පමණ ද බියගම ප්‍රදේශයේ අක්කර 20 ක පමණ හා කුණ්ඩසාල ප්‍රදේශයේ අක්කර 40 ක මෙම පළතුරු ප්‍රබේද වගා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව පී.ඩබ්.අලහකෝන් මහත්මිය පැවසුවාය.

හොරණ ප්‍රදේශයේ අක්කර 300 ක පළතුරු වර්ග 600 ක් පමණ මේ වන විට වගා කර තිබේ.

එමෙන්ම මෙම වැඩසටහන යටතේ මෙරටට ආවේණික පළතුරු වර්ග 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති ස්ථාන හදුනාගෙන ඒවා විශේෂ කොට සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

එම වගා කටයුතු සිදු කරන ගොවීන් පිළිබදව නාම ලේඛනයක් සකස් කර එම ගොවීන් තම ආයතනයේ ලියාපදිංචි කොට වගා කටයුතු හා අලෙවි කටයුතු සදහා අවශ්‍ය සහය ලබා දෙන බව ද හොරණ පළතුරු පර්යේෂණ හා  සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය  පී.ඩබ්.අලහකෝන් මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here