20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

අමු කරපිංචා අපනයන තහනම ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්……

අමු කරපිංචා කොළ, රිකිලි ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීම හෝ වෙනත් ආකාරයකන් රැ ගෙන යාම තහනම් කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබදව අමු කරපිංචා අපනයනයෙහි යෙදෙන ශ්‍රී ලාංකික අපනයනකරුවන් ද සැළකිලිමත් විය යුතු බව දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් කියා සිටී.

දැනට යුරෝපය තුළ නොමැති ශාක පළිබෝධයකු වන දෙහි කුලයේ ශාක පත්‍ර, රිකිලි කහ පැහැ ගැන්වීමේ රෝගය ( Citrus grenning / Yellow shoot disease) ඇති කරන Candidatusliberibacter බැක්ටීරියාව එරටට ප්‍රවේශ වේ යැයි වූ අවදානම අවම කර ගැනීමේ අරමුණින් මෙම තහනම පනවා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ හේතුවෙන් අමු කරපිංචා විවිධ ආකාරයෙන් යුරෝපා සංගමයට අයත් රටවලට යැවුවහොත් එරට ගුවන් තොටුපල වලදී පරීක්ෂාවට ලක්කර රඳවා ගනු ලබන අතර ශ්‍රී ලංකාවට අනනුකූලතා වාර්තාවක් එවනු ලබයි.

මෙවැනි අනනුකූලතා වාර්තා සංඛ්‍යාව වැඩි වන විට යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන එළවළු/පළතුරු පොදුවේ තහනමට ලක් වීමට අවදානමක් ඇති බවත් එය වළක්වා ගැනීම පිළිබදව සියලු අපනයනකරුවන් අවධානයෙන් සිටිය යුතු වේ.

කෙසේ වෙතත් අධිශීතකරණ )කරන ලද හා බ්ලාන්චිකරණය කරන ලද කරපිංචා එම රටවලට රැගෙන යාමේ තහනමක් නොමැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කර සිටී.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here