රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව කෘෂිකර්මය නගා සිටුවීම සදහා පියවර ගැනේ.
එම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජී.බී.ඒ.ඩී.රාජපක්ෂ මෙනවිය කෘෂි එෆ් එම් කළ විමසීමකදී මේ බව සදහන් කළාය.
මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් කිහිපයක් ආශ්‍රිතව මේ වන විටත් ක්‍රියාවට නංවා තිබේ.
මෙහිදී පාසල් ආශ්‍රිතව කාබනික වගාව වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, කාබනික පොහොර නිෂ්පාදනය පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකය.
මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකරණ ද තම කාර්යාලය හරහා පාසල්වලට ලබා දෙන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජී.බී.ඒ.ඩී.රාජපක්ෂ මෙනවිය පැවසුවාය.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් දරුවන් හට නැවුම් පළතුරු පරිභෝජනය පිළිබදව ද දැනුවත් කිරීම් සිදු කෙරේ.
මේ සදහා පාසල්වල දෙමාපිය සංගම් හා සුභ සාධක සංගම්ද සම්බන්ධ කරගෙන ඇති අතර, පාසල් දරුවන්ට නැවුම් පළතුරු යුෂ සකසා දීම සදහා අවශ්‍ය උපකරණ ද ලබා දී තිබේ.
මීට අමතරව දරුවන්ට අවශ්‍ය කෘෂිකර්ම දැනුම ලබා දීම සදහා කරපිංච දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයෙන් හා රජවක සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ මූලිකත්වයෙන් පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව රත්නපුර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජී.බී.ඒ.ඩී.රාජපක්ෂ මෙනවිය වැඩිදුරටත් සදහන් කළාය.