රතු ළූණු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සදහා පහසු ක්රමවෙදයක් පිළිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදනය මධ්‍යස්ථානය තොරතුරු අනාවරණ කරයි.
අගුණකොලපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එරන්දි නයනා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂනික තොරතුරු උපුටා දක්වමින් එම මධ්‍යස්ථානය ගොවි ජනතාවට මෙම ක්‍රමවේදය පිලිබදව උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව රතු ළූණු වගාව සිදු කිරීමේදී බල්බිල හෙවත් ළූණු ගෙඩි භාවිත කරමින් රෝපණය සිදු කිරීම ගොවි මහතුන් විසින් බහුලව භාවිත කරන ක්‍රමවේදය වේ.
එමගින් භාවිතයට ගන්නා රතුළූනුවලින් කොටසක් පැල කිරීම සදහා වෙන් කිරීමට සිදුවීම නෙලා ගත් අස්වැන්නෙන් ඉහළම වාසි අත් කර ගැනීමට යම්කිසි බාධාවක් වේ.
එහෙත් රතුළූණු සත්‍ය බීජ යොදා ගනිමින් රෝපණ කටයුතු සිදු කිරීමෙන් මෙම අවාසිය මග හරවා ගත හැකි බව අගුණකොලපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එරන්දි නයනා මහත්මිය පෙන්වා දී තිබේ.
රතු ළූණු වගාවේ සත්‍ය බීජ ලෙස හදුන්වන්නේ රතුළූණු මල් ආශ්‍රිතව හට ගන්නා බීජ වන අතර වෙලධපලේ ඉහළ මිලකට එම බීජ අලෙවි කළ හැකි වේ.
එම බීජ කිලෝවක් වෙළදපලේ රැපියල් 12000-15000 අතර මිලකට අලෙවි කළ හැකි වීමෙන් වාණිජමය වාසියක් ද ගොවීන්ට ලබා ගත හැකි බව අගුණකොලපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එරන්දි නයනා මහත්මිය අවධාරණය කරයි.
ඒ සදහා වේලාදන් වැනි බීජ හට ගන්නා රතුළූණු ප්‍රබේධයක් තෝරා ගැනීම සුදුසු වේ.
එමෙන්ම, මිලි මීටර් 750 කට වඩා අඩු වර්ෂාපතනයක් පවතින වැලි සහිත ලෝම පසක් ඇති උස් භූමියක් රතු ළූණු වගාව සදහා වඩා සුදුසු බව නයනා එරන්දි මහත්මිය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.