21.8 C
Sri Lanka
Saturday, October 31, 2020

රසායන ද්‍රව්‍ය භාවිත කරමින් පළතුරු ඉදවීම ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

රසායන ද්‍රව්‍ය භාවිත කරමින් පළතුරු ඉදවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය සහ කෘෂි ව්‍යාපාර උපදේශ අංශය අවධානය යොමු කර තිබේ.

ඒ අනුව , එත්රල් නැමැති රසායනිකය හා හුනු දියර මිශ්‍ර කිරීමෙන් සිදුවන  එතිලීන් නිෂ්පාදනය මගින් ධුමකරණයට ලක් කිරීමෙන් පළතුරු ඉදවීම සිදු කිරීම තුළ කිසිදු හානිකර ක්‍රියාවලියක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය සහ කෘෂි ව්‍යාපාර උපදේශ අංශය පෙන්වා දෙයි.

එහෙත් කිසිදු අවස්ථාවක පළතුරු ඉදවීමේදී එත්රල් හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් පළතුරු සමග ස්පර්ෂ වීමට සැලැස්වීම මිනිස් සෞඛ්‍යයට ඉතා අහිතකර බවත්, එය මේ වන විට ලෝකයේ බොහෝ රටවල් තහනම් කර ඇති බවත් එම අංශ පවසයි.

එසේම මෙරට තුළ පළතුරු ඉදවීමේදී රසායනික ද්‍රව්‍ය පළතුරු සමග ස්පර්ෂ කිරීම තහනම් හා දඩුවම් ලැබිය හැකි වරදක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එතිලීන් නිෂ්පාදනය මගින් සිදුකරන ධූමකරණ ක්‍රියාවලිය පළතුරු ඉදවීම සදහා භාවිත කළ හැකි නිවැරදි ක්‍රමය බව ලෝකයේ බොහෝ රටවල් පිළිගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට මෙරට බොහෝ පළතුරු ව්‍යාපාරිකයින් එත්රල් භාවිත කිරීම මෙන්ම එතිලීන් ධූමකරණයෙන් පළතුරු ඉදවීම ද අහිතකර බව ප්‍රකාශ කරන බව ආහාර පර්යේෂණ ඒකකය පවසයි.

ඔවුන් එතිලීන් ධූමකරණයෙන් පළතුරු ඉදවීම ද ප්‍රතික්ෂේප කර ස්වභාවික දුම් ගැසීම මගින් පළතුරු ඉදවිමට අවධානය යොමු කර ඇත.

එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය සහ කෘෂි ව්‍යාපාර උපදේශ අංශය පවසන්නේ , ස්වභාවිකව කෙසෙල් වැන පළතුරුවලට දුම් ගස්වා ඉදවීම සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිත නොවන බවය.

දුම් ගැස්සවීම සදහා භාවිත කරන කෙසෙල් පරඩැල් හා පොල් මුඩු වැනි අමුද්‍රව්‍ය මගින් මිනිස් ශරීරයට අහිතකර වායූන් නිපදවෙන බවට පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම එම ස්වභාවික දුමෙහි සංයුතිය මත පළතුරුවල රස සහ පැහැයද වෙනස්වන වන බව  ආහාර පර්යේෂණ ඒකකය පෙන්වා දෙයි.

ඒබැවින් නිවැරදි ක්‍රම අනුගමනය කිරීම මගින් පළතුරු ඉදවීම සදහා කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය පළතුරු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටී.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here