ලබන කන්නයේ බඩ ඉරිගු වගාව සේනා දළඹුවාගෙන් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩසටහනක් මොණරාගල දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගා කර ඇති සියලුම ප්‍රදේශ ආවරණය කරමින් අද පැවැත්වේ.
එය සංවිධාන කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යප්ති හා පුහුණු අංශය විසිනි.
එම අංශයේ අතිරේක අධ්යක්ෂ ජගත් සුදසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ පළාත් කෘෂිකර්ම නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටිති.
ඊයේ දිනයෙන් ඇරඹුන මෙම ක්ෂේත්‍ර දින වැඩසටහනේදී ලබන කන්නයේ බඩ ඉරිගු වගාවට සේනා දළඹු හානිය පැමිණිය හොත් එයට මුහුණ දෙන ආකාරය පිළිබදව අදාළ ප්‍රදේශවල ගොවීන් දැනුවත් කිරීම සිදු කෙරේ.
පසුගිය කන්නයේ දී මෙරට බඩ ඉරිගු වගා කළ බොහෝ ප්‍රදේශ සේනා දළඹු උවදුරට ලක් වූ අතර , එයින් බොහෝ බඩඉරිගු වගා ප්‍රදේශ විනාශයට පත් විණි.