කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.
ඒ අනුව ගොවීන් මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේතුවෙන් සති දෙකකකට වරක් බෝග පුරෝකතනයන් නිකුත් කරනු ලබයි.
ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 05 වන දින දක්වා වගා කිරීමට සුදුසු බෝග වර්ගයන් පිළිබඳව පූර්ව නිවේදනය මේ වන විට නිකුත් කොට ඇත.
ඒ අනුව මාලු මිරිස්, වම්බටු, මෑ කරල්, බණ්ඩක්කා හා බීට් රූට් යන බෝග වගා කිරීම ඉතාමත් හොඳ තේරීමක් වන අතර වෙළඳපොලේදී ඉතාමත් හොඳ මිලක් හිමි වේ.
බෝංචි, පිපිඤ්ඤා, ගෝවා, රාබු හා තක්කාලි වගා කිරීම වඩා හොඳ තේරීමක් වන අතර ඒ සඳහා වෙළෙඳපොලේදී හොඳ මිලක් ලබා ගත හැකිය.
මේ කාලයේදී කැරට්, කරවිල, පතෝල, වැටකොළු හා වට්ටක්කා වගා කිරීම හොඳ තේරීමක් වන අතර ඉදිරියේදී ඒ සඳහා සාමාන්‍ය මිලක් හිමි වේ.
නමුත් ලීක්ස් වගා කිරීම දුර්වල තේරීමක් වන අතර වෙළඳපොලේදී අඩු මිලක් මේ සඳහා හිමි වන බව බෝග පුරෝකතන ඒකකය ප්‍රකාශ කර සිටී.