22 C
Sri Lanka
Tuesday, October 27, 2020

ලොකු ලූණු මිල පහත දැමීමට මාතලෙන් විශේෂ ව්‍යාප්ති වැඩසටහන්…

මේ වන විට මෙරට වෙළදපළ තුළ ලොකු ලූණු සදහා ඉහළ මිලක් නියම වී තිබීම හේතුවෙන් පාරිභෝගිකයින් ආරථික වශයෙන් විශාල ගැටළුවකට මුහුණ දී තිබේ.

ලොකු ලූණු කිලෝවක් රු 200 කටත් වඩා ඉහළ මිලකට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයින් මුහුණ දී සිටින්නේ විශාල අපහසුතාවටයි.

මෙම ගැටළුවට හේතු වී ඇත්තේ කුමක්ද?

මේ පිළිබදව කෘෂි රේඩියෝ ප්‍රවෘත්ති අංශය මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසීමක් කළා.

එහිදී එම පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ මහින්ද දොඩන්වල මහතා පැවසුවේ මෙරට ලොකු ලූණු වගා බිම් ප්‍රමාණය සීඝ්‍ර ලෙස පහළ යාම මෙයට හේතු වී ඇති බවය.

මාතලේ දිස්ත්‍රික්කය තුළ 2012 වසරේදී හෙක්ටයාර් 3000 ක ලොකු ලූණු වගා කළ ද 2019 වසරේදී වගා කර ඇත්තේ හෙක්ටයාර් 583 ක පමණක් බව ඒ මහතා සදහන් කළේය.

පවතින කාළගුණ තත්ත්වයේ ඇති වී තිබෙන වෙනස්වීම්  මෙයට ප්‍රධානතම හේතුව බවයි දොඩන්වල මහතා කියා සිටියේ.

ලූණු අස්වැන්න නෙලීමේදී වර්ෂාවට හසුවීම හේතුවෙන් අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් විනාශ වීම සිදුවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් පවතින කාළගුණ තත්ත්වයන්ට මුහුණ දෙමින් ලොකු ලූනු වගා කරන කාල සීමාව ඉදිරියට ගෙන එමින් අස්වැන්න වාර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීම සදහා ගොවීන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද මහින්ද දොඩන්වල මහතා සදහන් කළේය.

පවතින කාළගුණ රටාව අනුව වසරේ අගෝස්තු 15 න් පසුව වර්ෂාව ආරම්භ වන බැවින් ඊට පෙර අස්වැන්න නෙලා ගැනීම සදහා 2020 වසරේදී ව්‍යප්ති වැඩසටහන් සිදු කරන බව මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධයක්ෂවරයා ප්‍රකාශ කලා.

ඒ අනුව 2020 වසරේදී පාරිභෝගිකයින් හට අවම මිලකට ලොකු ලූණු වෙළදපලෙන් ලබා ගත හැකි වනු ඇති බවටයි මහින්ද දොඩන්වල මහතා විශ්වාසය පළ කලේ.

Latest news

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.
- Advertisement -

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here