ලොකු ලූණු වගාකරුවන් දිරිමත් කිරීම සදහා වැඩපිළිවෙල රැසක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ලොකු ලූණු ගොවියා හට ලූනු බීජ කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 80 ක සහතික කළ මිලක් යටතේ ලබාදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම ගොවීන් හට පොහොර සහනාධාරය ලබාදීමට ද කටයුතු කෙරේ.
මීට අමතරව ලොකු ලූණු ගොවීන් සදහා රැපියල් 40000 ක රක්ෂණාවරණයක් ලබාදීමට ද පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.