අදට යෙදී ඇති ලෝක ආහාර දිනය නිමිත්තෙන් ආහාර උත්සවයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධාන කර තිබේ.
එය පැවැත්වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව පිහිටි පැලෑටි ජාන සම්පත් මධයස්ථාන පරිශ්රයෙදීය.
අද දින පෙරවරු 10.00 ට ආරම්භ වූ වැඩසටහන පස්වරු 06.00 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල ආහාර විවිධත්වය ප්‍රදර්ශනය කරන ආහාර මණ්ඩප 36 ක් මෙහිදී පැවැත්වේ.
එමෙන්ම දිස්ත්‍රික්ක 25 හා අන්තර් පළාත් 06 යටතේ ආහාර පිසීමේ තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු සංවිධාන කර තිබේ.
දේශීය කෘෂි ජෛව විවිධත්වය උපයෝගී කර ගනිමින් නව ආහාර වට්ටෝරු තෝරා ගැනීම සහ ඒ හා සම්බන්ධ දේශන පැවැත්වීමට ද නියමිත වේ.
මීට සමගාමීව වීදි නාට්‍ය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අලෙවි කිරීම ද අද දින සිදු කෙරේ.
විවිධ පළාත්වල විවිධ වර්ගයේ ආහාරවලින් සමන්විත මෙම ප්‍රදර්ශනය නැරඹීමට ඔබ සැමට ආරාධනා……