ගාල්ල අවට ප්‍රදේශවල වගා කටයුතුවලට හානි සිදු කරන කුහුඹු විශේෂයක් මර්දනය කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ගාල්ල ලබුදූවේදී පැවැත්වේ.
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධාන කරයි.
මේ සදහා තාක්ෂණික දායකත්වය ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවය විසිනි.
මෙම වැඩසටහනේදී පරිසර හිතකාමී පළිබෝධ ක්‍රම අනුගමනය කරමින් මෙම කුහුඹු විශේෂය මර්දනය කරන ආකාරය පිලිබද දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව පැලෑටි සංරක්ෂණ සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ එස්.එස්.වැලිගම මහතා පැවසීය.