වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවත් ආයත රැසක් සමග එක්ව සංවිධාන කරන වයඹ කෘෂි නිල්ල ප්‍රවර්ධන වැඩසටහන හෙට (17) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ පඩුවස්නුවර මඩඉන සේවා පියස පරිශ්‍රයේදීය.
කොවිඩ් 19 අභියෝගය හමුවේ ඒකාබද්ධ කෘෂ්කර්ම ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රජය විසින් ක්‍රියාවට නංවා ඇති සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරේ.
හෙට දිනයේදී වයඹ පළාතේ ගොවි ජනතාවට තම වගා ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය වන තාක්ෂණික දැනුම එකම පියසක් තුළ දී ලබා ගත හැකි වනු ඇත.
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොල් වගාකිරීමේ මණ්ඩලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බතලගාඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථනය මෙම ප්‍රවර්ධන වැඩසටහන හා එක්ව සිටී.
මෙහිදී ගොවීන්ට අවශ්‍ය බීජ, රෝපණ ද්‍රව්‍ය, අත් පත්‍රිකා, කෘෂිකාර්මික ප්‍රකාශන හා ගොවිපල් යාන්ත්‍රික උපකරණ ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව වයඹ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ සිසිර කුමාර මහතා සදහන් කළේය.