ශාක නිරෝධායන සේවය මගින් ක්‍රියාත්මක කරන අපනයනය සදහා වගා කරන එළවළු හා පළතුරු ක්ෂේත්‍ර ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ව්‍යප්ති නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වේ.
ඒ කටුනායක ශාක නිරෝධායන සේවා ආයතනයේදීය.
මෙම වැඩපිලිවෙල ශාක නිරෝධායන සේවය විසින් ක්‍රියාත්මක කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යප්ති හා පුහුණු මධ්‍යස්තානය සමග ඒකාබද්ධවය.
මෙවර දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ජාතික ශාක නිරෝධායන සේවය සමග වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සිටී.
ඒ අනුව එම පළාතේ ක්ෂේත්රගත නිලධාරීන් සදහා පුහුණු වැඩමුළු 02 ක් සංවිධාන කෙරුණු අතර, ඉන් එක් වැඩසටහනක් පසුගිය ජූනි 27 වනදා පැවැත්විණි.
යුරෝපා සංගමයේ රටවල්වලට එළවළු හා පළතුරු අපනයනය කරන ක්ෂේත්‍ර ඇති වයඹ පළාත් ක්ෂේත්රගත නිලධාරීන් සදහා අද දිනයේදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධාන කර තිබේ.
එම ක්ෂේත්රගත නිලධාරීන් නියෝජනය කරන්නේ මාවතගම, පුත්තලම, ආනමඩුව, මාදම්පේ කලාප වේ.
අපනයනය සදහා එළවළු හා පළතුරු වගා කරන මෙරට සියලුම ගොවීන් ශාක නිරෝධායන සේවයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
එමෙන්ම ඔවුන් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුව සිය වගා කටයුතු සිදු කළ යුතුය.
ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අංශය හෙවත් ගැප් අංශයේ සහතිකය ලබා ගත යුතු වේ.
එළවළු හා පළතුරු යුරෝපා සංගමයේ රටවලට අපනයනය කිරීමේදී මෙම සියලු සහතික පරීක්ෂා කර බැලේ.
එබැවින් මෙම ක්‍රියාදාමයන් හා එළවළු හා පළතුරු අපනයනයේදී ගුවන් තොටුපළ පිරික්සුම් ක්‍රියාදාමයන් පිළිබදව මෙන්ම නිවැරදි ඇසුරුම්කරණය පිළිබදව ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදාළ නිලධාරීන්ට අවබෝධකරදීමට අපේකෂා කරන බව එම සෙවයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජී ජී ලාලනී මහත්මිය සදහන් කළාය.