වයඹ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විසින් ක්‍රියාවට නංවනු ලබන කාබනික ගොවි වෙළදපළ වැඩසටහනට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව තිබේ.
එම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ඕ.පී කිත්සිරි මහතාගේ පූර්ණ උපදෙස් හා මග පෙන්වීම මත වැඩසටහන ක්‍රියාත්මක වේ.
පුත්තලම හා කුරුණෑගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කලාප කේන්ද්‍ර කර ගනිමින් මෙම වෙළදපළවල් පැවැත්වේ.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව, පුත්තලම, මාදම්පේ යන ප්‍රදේශවල මෙම වෙළදසැල් ක්‍රියාත්මක වේ.
ආනමඩුව උසාවි සංකීර්ණය අසල ඇති හෙළ බොජුන්හල් පරිශ්‍රයේ සෑම අගහරුවාදා දිනකදීම කාබනික ගොවි අලෙවිසැලක් පැවැත්වේ.
පුත්තලම කාබනික ගොවි අලෙවිසැල පැවැත්වෙන්නේ සෑම බදාදා දිනකම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල පරිශ්‍රයේදීය.
සෑම බ්‍රහස්පතින්දා දිනකම මාදම්පේ තම්බල ධීවර හා ජලජ සම්පත් මධ්‍යස්ථානය අසලදී ද කාබනික වෙළදසැලක් පැවැත්වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික ගොවි වෙළදපල පැවැත්වෙන්නේ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල භූමියේදීය.
වයඹ පළාතේ ගොවීන් විසින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වගා කළ එළවළු හා පළතුරු මෙම වෙළදසැල්වල දී අලෙවි කෙරේ.
මෙහිදී අලෙවි කටයුතු සදහා එම ගොවීන්ටම අවස්ථාව ලබාදීම විශේෂත්වයකි.
මෙම අලෙවිසැල් හරහා ජනතාවට ගුණාත්මක හා සෞඛ්‍ය සම්පන්න එළවළු හා පළතුරු මෙන්ම සහල් , අල වර්ග ලබා ගැනීමට අවස්තාව සලසා දීමද මෙම වැඩපිලිවෙලේ අරමුණ බව වයඹ පලාත් කෘෂිකර්ම අධ්යක්ෂ ඕ.පී කිත්සිරි මහතා සදහන් කළේය.