26.8 C
Sri Lanka
Saturday, February 27, 2021

වල් පැළෑටි පාලනයට රාබු වගාව සුදුසු බව පර්යේෂණයකින් හෙලිවේ…

වගා ක්ෂේත‍්‍රයේ වල් පැළෑටි වර්ධනය වීම එම ක්ෂේත‍්‍රයේ අස්වැන්න කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරන කරුණකි.

වී වගාවට මෙන්ම එලවලූ බෝග වගාව කෙරෙහිද මෙම තත්වය බලපානු ලබයි.

මේ පිළිබද අවධානය යොමු කල ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මේ පිළිබදව පර්යේෂණ කටයුතු සිදු කරන ලදී.

ගුවන් විදුලි ගොවි සේවාවේ කදුරට ඒකකය ගුවන් විදුලි සංස්ථාවේ කදුරට සේවය සමග එක්ව පසුගිය දිනක සිදුකර ලද ”අස්වැන්න” සජීවී වැඩසටහනේදී මේ පිළිබදව අදහස් දක්වමින් උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වල් පැළෑටි විද්‍යාඥ අනුරුද්ධිකා අබේසේකර මහත්මිය මෙම අදහස් ප‍්‍රකාශ කරන ලදී.

ඒ අනුව මාලූ මිරිස් තක්කාලි බණ්ඩක්කා වම්බටු සහ බෝංචි යන එලවලූ බෝගයන් මෙම පරේය්ෂණය සදහා යොදා ගත් බව ඒ මහත්මිය පැවසීය.

එම පරේය්ෂණයට අනුව වල් මර්ධනය නොකල ක්ෂේත‍්‍රයක සියයයට අසූවකට අධික අස්වනු හානියක් මෙම බෝග ආශ්‍රිතව සිදුවන බව වාර්ථා වී ඇත.

රාබු සහ කැකිරි යන බෝගයන් පස ආවරණය කර ගනිමින් වර්ධනය වීම හේතුවෙන් මෙම බෝග වල අස්වනු හානිය අවම මට්ටමක පවතී.

අනුරුද්ධිකා අබේසේකර මහත්මිය ප‍්‍රකාශ කර සිටියේ වගාවේ මුල් අවධියේදී වල් පැළෑටි ක්ෂේත‍්‍රයේ වර්ධනය වීම ඉදිරි අස්වැන්න කෙරෙහි සෘජු ලෙස බලපාන බව මෙම පරේය්ෂණයෙන් හෙලිවී ඇති බවයි.

මේ නිසා මූලික බිම් සකස් කිරීමේදී වල් පැළෑටි නිවරැදි ලෙස ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරීම වැදගත් වේ.

තවද මෙම පර්යේෂණයට අනුව වගාවේ මුල් සති හතර ඇතුළත වල් පැළෑටි මර්ධනය කිරීම මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතින බව නිරීක්ෂණය වී ඇත.

වල් නාශක භාවිතා නොකර කාබනික, කෘතීම හා ජිවී වසුන් යොදා ගැනීම මගින් වල් පැළෑටි පාලනය සිදුකල හැකිය.

කෙටි කාලීනව වගා කල හැකි රාබු බෝගය වසුනක් ලෙස ක්ෂේත‍්‍රය තුළ වගා කිරීම මගින්ද මෙම වල් පැළෑටි පාලනය කිරිමට හැකියාව පවතින බව පර්යේෂණයෙන් හෙලිවී ඇත.

වාණිජ අරමුණු මූලික කර ගනිමින් බෝග වගාවන් සිදු කරන නිසාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අභිජනනය කරන ලද කෘතීම වරණයන් භාවිතා කිරීම මේ වන විට සිදුවේ.

මේ හේතුවෙන් ස්වභාවිකව වර්ධනය වන වල් පැළෑටි සමග තරග කීරීමට මෙම කෘතීම වරණයන්ට හැකියාවන් නොමැති වීමෙන් අස්වනු හානිය සිදුවන බව වල් පැළෑටි විද්‍යාඥ අනුරුද්ධිකා අබේසේකර මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here