අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන වාර්ෂික අපනයන කෘෂි බෝග පර්යේෂණ සමුළුව හා කෘෂිකාර්මික ප්රදර්ශනය ලබන හෙට (18) ආරම්භ වීමට නියමිතය.
අනිද්දා දිනය දක්වා එය ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධයස්ථානයේදී පැවැත්වේ.
තිරසාර කෘසිකර්මය තුළින් ගුණාත්මක නිෂ්පාදනය මෙවර සමුළුවේ තේමාව වේ.
දර්ශනය නැරඹීමට පැමිණෙන ඔබ වෙනුවෙන් වගාවේ සහ සැකසුම් නව තාක්ෂණ, නව ප්රබේදවල පැළ, නොමිලේ පස් පරීක්ෂාව, නොමිලේ කුළුබඩු නිෂ්පාදනවල ගුණාත්මය පරීක්ෂාව යන සේවා ලබා දීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම, රෝග පළිබෝධ හදුනාගැනීමේ පරීක්ෂාව, සජීවී සූපවේදී වැඩසටහන්, කෘෂි උපකරණ හා යන්ත්ර සූත්ර, තාක්ෂණික පත්රිකා සහ පොත් ප්රදර්ශනය සදහා එක් කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.