කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ බෝග පුරෝකතන ඒකකය විසින් අගෝස්තු 21 වනදා සිට සැප්තැම්බර් 05 වන දා දක්වා කාළය තුළ වගා කිරීමට මූලක්ත්වය දිය යුතු එළවළු වර්ග හදුන්වා දී තිබේ.
ආර්ථික වශයෙන් ලාබ ලබා ගැනීමට සදහා වගා කිරීමට සුදුසු බෝග වර්ග මෙලෙස දක්වා තිබේ.
ඒ අනුව බොංචි , කරවිල , බීට්රූට්, වම්බටු, ගෝවා, මාලු මිරිස්, කැරට්, පිපිඥ්ඥ්, ලීක්ස්, මෑ කරල්, වැටකොලු, බණ්ඩක්කා, වට්ටක්කා, රාබු, පතෝල, තක්කාලි යන එළවළු වර්ග සදහා වගා කළ යුතු ප්‍රමාණයක් දක්වා තිබේ.
එම මධ්‍යස්ථානයට අනුව , මෙම දෙසතිය තුළ වගා කළ යුතු බොංචි ප්‍රමාණය 182.98 හෙක්ටයාර් ප්‍රමාණයක් වන අතර, බීට්රූට් වගා කළ හැකි ප්‍රමාණය හෙක්ටයාර් 64.38 ක් වේ.
කරවිල , වම්බටු හා ගෝවා යන වගාවන් පිළිවෙලින් හෙක්ටයාර් 69.11 ක්, හෙක්ටයාර් 238.70 ක්, හෙක්ටයාර් 85.97 ක් වේ.
මාළු මිරිස් හෙක්ටයාර් 70.90 ක වගා කළ හැකි අතර, කැරට් වගාව හෙක්ටයාර් 51.29 ක වගා කළ හැකිය.
පිපිඥ්ඥා, ලීක්ස් , මෑ කරල් , වැටකොකලු යන එළවළු පිළිවෙලින් හෙක්ටයාර් 54.72, හෙක්ටයාර් 23.15, හෙක්ටයාර් 191.02, හෙක්ටයාර් 36.77 වගා කළ හැකිය.
එමෙන්ම, මෙම දෙසතිය තුළ බණ්ඩක්කා හෙක්ටයාර් 108.06 ක් ද වට්ටක්කා හෙක්ටයාර් 148.63 ක් ද , , රාබු හෙක්ටයාර් 34.08 ක් ද , පතෝලහෙක්ටයාර් 56.75 ක් ද , තක්කාලි හෙක්ටයාර් 91.61 වගා කළ යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ බෝග පුරෝකතන ඒකකය සදහන් කර සිටී.