වී මිලදී ගැනීමේදී ගොවීන්ට ඒ මොහොතේම මුදල් ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි.
මේ වන විට රජයේ වී මිලදී ගැනිමේ ජාතික වැඩසහටහන ක්‍රියාත්මක අතර වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති දිස්ත්‍රික්කවල සාර්ථකව එම මිලදී ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී.
රජය විසින් තරගකාරී මිලට ගොවීන්ගේ නිවසටම ගොස් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි.
අතරමැදියන්ගේ මැදිහත්වීමෙන් සිදුවන ගැටළු අවම කර ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.
රටේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් වී නිෂ්පාදනය කර තිබුණිද ඒවා මිලදී ගැනීමේදී තුන්වන පාර්ශවයන් මැදිහත්වීම නිසා මිල පාලනය කිරීමට අපහසු වී ඇති බව රජය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය වළක්වාගැනීම අවශ්‍ය උපරිම පියවර ගන්නා රජය වැඩි දුරටත් අවධාරණය කරයි.