මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එයින් අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ විසි අටකි.
එයින් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් රජයට මිලට ගැනීම අම්පාර අක්කරෙයි පත්තුව ප්‍රදේශයේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.
වී ගබඩා කිරීමට අවශ්‍ය සියලු ගබඩා යුධ හමුදාවේ ද සහය ඇතිව ප්‍රතිසංස්කරණය කොට අවසන්ව තිබේ.
ගොවි ජනතාවට කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි මෙන්ම කිසිදු අසාධාරණයක් නොවන පරිදි වී මිලට ගැනීමේ ජාතික වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය කියා සිටී.
වී මිලට ගැනීමෙන් ගොවියාත් සහල් සාධාරණ මිලට ලබාදීමෙන් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම මෙන්ම පොහොර සහනාධාරය ක්රමානුකූල කිරීමත් මෙම වැඩපිළිවෙල තුළින් ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.