මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට දුඹුරු පැළැ කීඩෑ හානිය හා පිට සුදු කීඩෑ හානිය ව්‍යාප්ත වන බව වාර්ථා වේ.
වී වගා කරන ගොවි මහතුන් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිට වගා ක්ෂේත්රයන්ගේ මෙම කීඩෑ හානිය දක්නට ලැබුණහොත් ඉක්මන් ක්‍රියා මාර්ග අනුමනය කල යුතු බව කාෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
ඒ අනුව ක්ෂේත්රයේ ගොයම් පදුරු දෙපසට කරමින් පදුරේ පහළ ප්‍රදේශයේ මෙම කීඩෑවන් සිටීදැයි හොඳින් නිරීක්ෂණය කල යුතුය.
කීඩෑ හානියට ලක්වී තිබේ නම් ක්ෂේත්රයේ ජලය කපා හැර පේළි ආකාරයට ගොයම් පදුරු දිස් වන අයුරින් ගොයම් පදුරේ පහළ කොටසට හොඳින් හිරු එළිය ලැබීමට සැලැස්විය යුතුයි.
හානිය උග්‍ර වී ඇත්නම් නිර්දේශිත කෘමි නාශක ගොයම් පදුරේ පාමුලට ආසන්න ප්‍රදේශ වලට ඉසීම සුදුසු වේ.
මෙම නිර්දේශිත කෘමි නාශකයන් හා ඒවා ක්ෂේත්රයට යොදන අයුරු පිළිබඳව තොරතුරු ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවීමෙන් දැනගත හැකිය.
එමෙන්ම 1920 කාෂි උපදේශන සේවය ඇමතීමෙන්ද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ.