මේ දිනවල මෙරට වී වගාව ආශ්‍රිතව ගෙල කුණුවීමේ රෝගය හෙවත් කොළ පාළු රෝගය පැතිර යමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.
මේ පිළිබදව ගොවි මහතුන් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව එම ආයතනය අවධාරණය කර සිටී.
මෙම රෝගයට වී ශාකයේ ඔනෑම අවධියකදී ප්‍රහාර එල්ල කළ හැකි වේ.
ගෙල කුණුවීමේ රෝගයේදී වී පත්‍රයේ කදේ ගැට, කරල් මත හෝ ඇට මත ලප ඇති වීම සිදු වේ.
රෝගී තත්ත්වය පිළිබද දුටු වහාම ප්‍රදේශයෙ කෘෂිකර්ම උපදේශක දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම 1920 දුරකත්න අංකයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශන සේවාව ඇමතීමෙන් ඉදිරි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත හැකි වේ.
නොඑසේනම්, 037-2258561 දුරකතන අංකයෙන් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය අමතා වැඩිදුර තොරතුරු ඔබට දැන ගත හැකිය.