එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය අවධාරණය කරයි.
ඒ අනුව මෙවර මහ කන්නයේදී අනිවාර්යෙන් වර්ෂාව පිළිබදව සැලකිලිමත් වී වගා කටයුතුවල යෙදෙන ලෙස එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පවසයි.
පසුගිය කාලය තුළම වර්ෂා තත්ත්වයේ අක්‍රමවත් බවක් සහ වර්ෂාපතන රටාවේ අක්‍රමවත් බවක් දැකිය හැකි විය.
වර්ෂාව අක්‍රමවත් ලෙස සිදුවීමත් සමග දුඹුරු පැළ කීඩෑ හානිය, ගොක් මැස්සාගේ හානිය, පැළ මැක්කාගේ හානිය , කොපු මයිටාගේ හානිය, පුරුක් පණුවා ගේ හානිය ඇති විය හැකියි.
විශේෂයෙන් වගාවට බිත්තර වී යොදන විට බිත්තර වී සදහා බීජ ප්‍රතිකාරකයක් සිදු කිරීම අනිවාර්ය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම උදෑසන කාලයේදී කුඹුරට ගොස් අතංගුවක් ආධාරයෙන් ගොක් මැස්සා ඇතුළු පළිබෝධකයින් සිටිනවාද යන්න පරීක්ෂා කිරීමෙන් හානිය ආරම්භයේදීම හදුනාගත හැකි වනු ඇත.
මේ පිළිබදව වැඩිදුර තොරතුරු ප්‍රෙද්ශයේ කෘෂිකර්ම උපදේශක මහතාගෙන් ලබා ගන්නා ලෙස බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.