25.4 C
Sri Lanka
Saturday, October 31, 2020

වී වගාව පිළිබඳ දැනුම සොයන ඔබට මහඟු අවස්ථාවක්….

බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් ක්ෂේත්‍ර දිනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

“2019 කේෂ්ත්‍ර දිනය” ලෙසින් මෙය නම් කර තිබේ.

ඒ අනුව මහජනතාව සඳහා මෙම ක්ෂේත්‍ර දිනය ජූලි මස 19 සහ 20 යන දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අයත් ක්ෂේත්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී එම ආයතනය මඟින් සිදු කරනු ලබන වැඩි අස්වනු සහිත නියඟයට, ලවණතාවයට, යකඩ විෂවීමට, ගංවතුර, සිසිල් හා ඉහළ උෂ්ණත්ව පරාසයන්ට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම,

රෝග පළිබෝධ හා වල් මර්ධනයේ නව ප්‍රවනතාවයන් හා ක්‍රමවේද සම්බන්ධ පර්යේෂණ කටයුතු,

පාංශු පෝෂක හා ජල කලමනාකරණයේ නව ක්‍රමවේද හා තාක්ෂණය,

යාන්ත්‍රීකරණය හා දේශගුණික විපර්යාස සම්බන්ධ පර්යේෂණ කටයුතු,

ධාන්‍ය ගුණාත්මය ඉහළ නැංවීමේ පර්යේෂණ හා විවිධ සහල් ආශ්‍රිත නිෂ්පාදනයන්‍ හා අණුක සලකුණු තාක්ෂණය හා පටක රෝපන තාක්ෂණය යොදා ගනිමින් අහිතකර පරිසර තත්ව වලට ඔරොත්තු දෙන ප්‍රභේද අභිජනනය යන නව පර්යේෂණයන් දැකබලා ගැනීම සඳහා අවස්ථාව හිමිවේ.

එමෙන්ම වී වගාව හා සම්බන්ධ නව තාක්ෂණික තොරතුරු ඇතුළත් පොත් හා පත්‍රිකා මිලදී ගැනීමටද මෙහිදී හැකියාව ලැබේ.

නරඹන්නන් හට වගා ක්ෂේත්‍රයන් තුළදී ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමටද අපේක්ෂිතය.

ඔබගේ වී වගා ක්ෂේත්‍රයේ රෝග හා පළිබෝධ හානි පවතීනම් එම බෝග නිදර්ශනයන් මීට සමගාමීව පවත්වනු ලබන බෝග සායනය වෙත ඉදිරිපත් කිරීම මඟින් ඒ පිළිබඳව නිවරැදි විසදුම් ලබා ගත හැකිය.

වී වගාවේ නියැලෙන ගොවි මහතුන්, පාසැල් හා විශ්ව විද්‍යාල සිසුන් හට මෙන්ම පර්යේෂකයන්ටද තම දැනුම පුළුල් කර ගැනීම සඳහා මෙය මහගු අවස්ථාවක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රකාශ කරයි.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here