දිවයිනේ ප්රදේශ රැසක වී වගා කළ නොහැකි කුඹුරුවල වාර්ෂික බෝග වගා කිරීම පසුගිය 06 වනදා ආරම්භ විය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්රියාත්මක කරනු ලබයි.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කොළඹ, කෑගල්ල, මහනුවර,මාතලේ යන ප්රදේශවල වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල මෙම වාර්ෂික බෝග වගා කිරීම සිදු කෙරිණ.
ඒ යටතේ අල, බතල, කොළ එළවළු වැනි වාර්ෂික බෝග වගා කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ආහාර නිෂ්පාදන වගා සංග්රාමය යටතේ මෙම වැඩසටහන ක්රියාත්මක කෙරුණේ පසුගිය 06 වනදාට යෙදුණු ගොවි දිනයට සමගාමීව ය.