20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

ශ්‍රී ලංකාව ලොව කාබනික ගෙවත්ත කිරීමට කෘෂි ඇමති ජනතා සහය ඉල්ලයි..

ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීමේ සටනට සියලු ලංකාවාසී ජනතාවගේ සහය අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මෙරට ඉංජීනේරු සංගම් නියෝජිතයින් ඇතුලු ආයතන ප්‍රධානීන් රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදි හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කාබනික පොහොර භාවිතාකොට කෘෂිකර්මයේ ඉදිරි දිශානතිය සකස්වන ආකාරය පිලිබදව මෙහිදී.සාකච්චා විණි.

ලෝකයේ ක්‍රියාත්මක වන රසායනික පොහොර මාෆියාවට එරෙහිව කටයුතු කිරිමේ අභියෝගයද මෙහිදි අමාත්‍යවරයා විසින් පැහැදිලි කලේය.

ඒ සඳහා වෘත්තිකයන් ලෙස , රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ඉංජීනේරුවන්ගේ.සහය අත්‍යවශ්‍ය බව මෙහිදී සදහන් කෙරිණි.

1965 සිට වසර 57 ක් රසායනික කෘෂිකර්මයට හුරු වු සමාජය හා නිලධාරින් වෙනස් කිරිම ලෙහෙසි පහසු නොවන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කලේය.

වස විස නැති රටක් ,ජාතියක් නිර්මාණය කිරිම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම සිදුකරන බව මෙම සාකච්ඡාවට එක්වු විද්වතුන් ප්‍රකාශ කළෝය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීමට ද මෙහිදි එකඟතාවය පළවිණි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here