22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන් සඳහා නවක සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ.

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 2020 – 2022 යන අධ්‍යයන වර්ෂයන් සඳහා සිසුන් බඳවා ගැනීමට මේ දිනවල අයදුම්පත් කැඳවේ.

මෙය ජාතික වෘත්තීය සුදුසුකම් 6 වන මට්ටමේ පාඨමාලාවක් වන අතර මෙවර සිසුන් 450 දෙනෙකු පමණ බඳවා ගැනීමට අපේක්ෂිතය.

කුණ්ඩසාලය, පැල්වෙහෙර, කරපිංච, වව්නියා සහ අගුණකොලපැලැස්ස යන කෘෂිකර්ම විද්‍යාලයන් සඳහා මෙම සිසුන් අනුයුක්ත කරනු ලැබේ.

සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව හා සිංහල යන විෂයන් තුනෙන් ඕනෑම විෂයකට සම්මානයක් සහිතව සමත්ව තිබීම හා දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් හයක් සහිතව සාමාන්‍ය පෙළ සමත්ව තිබිය යුතුය.

ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් තිබිය යුතුය.

උසස් ‍පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයන් තුන හදාරා අවම වශයෙන් එක් විෂයක් හෝ සමත් විය යුතුය.

තවද, ජීව විද්‍යා විෂය ධාරාව තුළින් ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයන් තුන හදාරා අවම වශයෙන් එක් විෂයක් හෝ සමත් විය යුතුය.

තාක්ෂණවේදය විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ කෘෂිකර්ම යන විෂයන් තුන හදාරා අවම වශයෙන් එක් විෂයක් හෝ සමත්ව තිබීම.

උසස් පෙළ විභාගයේදී තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ කෘෂිකර්ම යන විෂයන් තුන හදාරා අවම වශයෙන් එක් විෂයක් හෝ සමත්ව තිබීම අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලෙස සැලකේ.

උසස් පෙළ විභාගයේදී විෂයන් තුනම සමත් අයදුම්කරුවන් සඳහා මෙහිදී පුමුඛතාවයක් හිමිවන බව ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විභාග අංශයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ කේ ජයවර්ධන මහත්මිය පැවසීය.

අයදුම්පත් යොමු කරන දිනට වයස අවුරුදු 17ට අඩු නොවිය යුතු අතර වයස අවුරුදු 25ට නොවැඩිවිය යුතුය.

විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන පරීක්ෂණයකින් අනතුරුව දිස්ත්‍රික්ක මට්ටම හා කුසලතා මට්ටම අනුව සිසුන් බඳවා ගැනේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යක්ෂ, ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය යන ලිපිනයට එවිය යුතුය.

අයදුම්පත් භාර ගැනීම 2019 මැයි මස 21 වන දිනයෙන් අවසන් වේ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doa.gov.lk වෙත පිවිසීමෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාග අංශයේ 081 230 88 340 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

 

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here