සබරගමු පළාත් තරුණ ගොවි සමාජ රැළිය පසුගිය 09 සහ 10 යන දෙදින බලංගොඩ රජවක සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පැවැත්විණි.
මේ සදහා කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ ගොවි සමාජ නියෝජිතයන් 50 දෙනෙකු සහභාගි විණි.
සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධාන කර තිබූ අතර පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තරුණ ගොවි සමාජ මූලස්ථානය විසින් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරිණි.
මෙහිදී තරුණ ගොවි සමාජ පිළිබදව දැනුවත් කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැප් වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම, ආහාර තාක්ෂණය පිළිබද ප්‍රායෝගික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණි.
එමෙන්ම, තරුණ ගොවි සමාජ සාමාජිකයන් අතර ගෙවිපැන තරගයක් ද පැවැත් වූ බව තරුණ ගොවි සමාජ මූලස්ථානය සදහන් කළේය.