කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වලට ගොස් ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල ඊයේ (23) ආරම්භ කෙරිණි.
ඒ අනුව දිවයිනේ සියලු ප්‍රදේශවලට අයත් විවිධ වර්ගයේ එළවළු කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මඟින් ගොවියාගෙන් මිලට ගෙන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ ප්‍රජාවට අලෙවි කෙරේ.
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද ඊයේ උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙල නිරීක්ෂණය කළෝය.
එම මිලට ගන්නා එළවළු සිල්ලර වෙළඳාමේදී කිලෝවකින් රුපියල් 20ක්, තොග කිලෝවකින් රුපියල් 10ක් ලෙස ලාභයක් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතු වේ.
එමෙන්ම එළවළුවල මිල ප්‍රදර්ශනය කිරීම හා ප්‍රදර්ශනය කොට ඇති මිලට අලෙවි කිරිම අනිවාර්ය වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
මෙම සියලු එළවළු ප්ලාස්ටික් අසුරනයන්හි අසුරා රැගෙන එන අතර, ඒ හරහා ප්‍රවාහනයේදී සිදුවන හානිය අවම කර එහි ලාභය ද පාරිභෝගික ජනතාවට ලබාදීම නව වැඩපිළිවෙල තුළින් සිදු කෙරේ.
ගොවියාටත් පාරිභෝගිකයාටත් වෙළෙන්දාටත් නැති ලාභයක් අතරමැදියන් විසින් ගැදනීම වළක්වා සාධාරණ එළවළු වෙළදපළක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
එළඹෙන සතියේ සිට මෙම වැඩපිළිවෙල දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක වනු ඇති.

